ලොව අන් කිසිදු රටකදී අත්විඳිය නොහැකි අත්දැකීම් රැසක් ශ්‍රී ලංකාවේදී ලබාගත හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් සමග ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.
එවැනි අත්දැකීම් කිහිපයක් පහත දැක්වේ.
බීමට ජලය ඉල්ලූ රතුපස්වල ඇතුලු ප්‍රදේශ කිහිපයක ජනතාවට ආරක්ෂක හමුදාව විසින් වෙඩි තැබීම සහ පාසල් සිසුන් දෙදෙනකු, එක්දරු පියෙකු ඝාතනය කිරීම.
ඉන්ධන සහනාධාර දෙන්නැයි ඉල්ලා උද්ඝෝෂණය කළ ධීවරයින් පිරිසකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙඩි තැබීමෙන් ධීවරයෙකු ඝාතනය කිරීම.
විශ්‍රාම වැටුපක් ඉල්ලා කටුනායකදී උද්ඝෝෂණය කළ පෞද්ගලික අංශයේ සේවකයින් පිරිසකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙඩි තැබීමෙන් කම්කරුවෙකු ඝාතනය කිරීම.
නීතිය ආරක්ෂා කිරීමට සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ වාස් ගුණවර්ධන කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම ආදී චෝදනා රැසක් යටතේ අත්අඩංගුවට ගැනීම.
තංගල්ලේ ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලංකාවේ සංචාරය කළ විදේශීය කතක දූෂණය කිරීම සහ ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා වෙඩි තබා ඝාතනය කිරීම.
මර්වින් සිල්වා ඇමතිවරයාගේ පුතාගෙන් ගුටි කෑ මේජර්වරයා ඒ පිළිබඳ දුන් කටඋත්තරය දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා අස්කර ගැනීම හා තමන් ආතතියකට ලක්ව සිටි නිසා එසේ කියූ බව පැවසීම.
ජනාධිපති උපදේශයකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට සැකකරු වූ දුමින්ද සිල්වා මහතා එම සිදුවීම මතක නැති බව පැවසීම.









