ලක්ෂ 19ක විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

ලක්ෂ 19ක විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

චීනයේ නිශ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත්කළ චීන ජාතිකයෙකු අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේඛ රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සඳහන් කර සිටියේ අද අලුයම 5.30 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් අදාල මගියා පැමිණ ඇති අතර ඔහු මෙරට චීන ආයෝජන ව්‍යාපෘතියක සේවය කරන 30 හැවිරිදි පුද්ගලයෙකු බවය.

ඔහු රැගෙන පැමිණි ගමන් මලු කිහිපයක දුම්වැටි 38,000ක් අඩංගු දුම්වැටි කාටූන් 190ක් සඟවා තිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 19ක් පමණ වන බවත් රේගුව සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකරයි.

Facebook
Twitter
LinkedIn