සන්ධාන මැරයන් අත්අඩංගුවට

ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභාවේ පුත්තලම දිස්ති‍්‍රක්කයේ ආණමඩුව අපේක්‍ෂක ඉවන් සැම්සිල් මහතාගේ නිවසේ පිහිටුවා ඇති මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලයට පහරදීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් බීමතින් පැමිණ ඇති අතර මේ සම්බන්ඳයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ති‍්‍රක් කණ්ඩායම් නායක සමන්ත කෝරලේආරච්චි මහතා විසින් ආනමඩුව පොලිස් ස්ථානාධිපති පි‍්‍රයලාල් මහතාට දැනුම්දී තිබේ.

එම දැනුම් දීමෙන් ක්‍රියාත්මකවූ ආණමඩුව පොලීසිය සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාර්යාලය පුත්තලම මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති කාර්යාලයක් බවත් පුත්තලම දිස්ත්‍රිකකය පුරා පිහිටුවා ඇති ජවිපෙ කාර්යාල සියල්ලම මැතිවරණ නීතියට අනුකූලව පිහිටුවා ඇති බවත් ජවිපෙ පුත්තලම් දිස්ත්‍රික් කන්ඩායම් නායක සමන්ත කෝරලේ ආරච්චි මහතා පවසයි.

ජවිපෙ අපේක්ෂක ඉවන් සැම්සිල් මහතා

Facebook
Twitter
LinkedIn