පැය 24ක් තුළ ප්‍රදේශ 7කදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පානදුර, සෙට්ටිකුලම, උඩුදුම්බර, මොණරාගල, කෑගල්ල, කුරුණෑගල සහ ගලහිටියාව යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව තිබේ.
පානදුර ගල්තුඩේ ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අවුරුදු 20 සහ 17 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු මාර්ගය අසල නවතා තිබූ පොරි රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්විය.
මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක පා පුවරුවේ ගමන්ගත් 17 හැවිරිදි තරුණයෙකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත්විය.
වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවට ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් 29 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
Views: 0










