හංවැල්ල පොලිස් වසමේ පහත්ගම නිවසක් තුළට ඇතුළු වූ නාදුනන තුවක්කුකරුවෙකු පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඊයේ(25) රාත්‍රී 9.30ත් 10.00ත් අතර කාලයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයන් දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 43 සහ 32 වයස්වල පසුවන්නන් දෙදෙනෙකි.
ඝාතනයට හේතුව කුමක්දැයි මේ වනතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Views: 0










