තව්හිද් ජමාත් සංවිධානයේ ආගම ඉගැන්වූ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැකකෙරෙන පුද්ගලයෙකු අද(25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

59 හැවිරිදි සැකකරු අන්තවාදී ඉගැන්වීම් සිදුකර ඇති බවට පොලීසිය පවසයි.

ඉකුත් අප්‍රේල් 21 දා කොළඹ හා අවට ප්‍රදේශවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට ශ්‍රි ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරිම ප්‍රතිසංස්කරණය කිරිම ජාතීන් අතර අසමගිය ඇති කිරිමට ආධාර අනුබල දීම යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn