පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනීසිටීමට, දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි එම තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කර සිටියේ තමා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා නොදෙන බවය.
යම් හෙයකින් ජනාධිපතිවරයා කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම පැහැරහැරියහොත් එහි අවසන් වාර්තාව සකස්කර භාරදීමට කටයුතු කරන බව ද කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පසුගිය 23 වැනිදා තේරීම් කාරක සභාවේ කටයුතු අවසන් වීමට නියමිතව තිබූ අතර අවසන් වාර්තාව සකස්කර නොතිබූ බැවින් සැප්තැම්බර් 30 වැනිදා දක්වා නිල කාලය දිගුකර තිබිණි.
Views: 0










