වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම් හයක භූගත ජලයේ PH අගය අඩු බවත්, එම ජලය බීමට නුසුදුසු බවත් රටට හෙළි කළ කඩවත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය සේවා මධ්‍යස්ථානයේ අංක 438/4A දරන ස්ථානයේ පිහිටි ජල පර්යේෂණාගාරය ඉහළින් ලැබුණු නියෝග මත ජනතාව ගෙන එන ජලය පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවා වසා දමා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.කේ. බණ්ඩාර මහත්මිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනතාවද තම ළිංවල ජලය බීමට නුසුදුසු දැයි සැකහැර දැන ගැනීමට තම ලිං ජලය පරීක්ෂා කිරීමට ඊයේත් (08) කඩවත ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයට පැමිණ පිවිසුම් දොරටුව අසල රැඳී සිට තිබේ.
ජලය පරීක්ෂාකරගැනීමට අදාළ නිලධාරිවරයා නැති බව පිවිසුම් මාර්ගයේ ආරක්ෂක රාජකාරියේ නියුතු නිලධාරියා පැමිණෙන ජනතාවට පවසන හෙයින් ඔව්න්ට ආපසු හැරී යාමට සිදුව ඇත.
එහෙත් එක් පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාගේ අණ නොතකා ඊයේ නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරියගේ කාර්යාලයට ගොස් ඇය මුණගැසී තම ජල සාම්පල් පරීක්ෂා කර දෙන ලෙස ඉල්ලා තිබේ.
එටිට, වැලිවේරිය ඇතුළු ගම් ගණනාවක ජනතාවගේ ළිං ජලය පරීක්ෂා කර බලා කඩවත පරීක්ෂණාගාරය ලබාදුන් ප්‍රතිඵලයෙන් අද උද්ගතවී ඇති තත්ත්වයට වගකිව යුතු ආයතනයක් ලෙස ජලාපවහන මණ්ඩලයට ප්‍රශ්න රාශියක් මතුවී ඇති බවත් ඒ නිසා සාමාන්‍යාධිකාරිවරයාට ඉහළින් ලැබුණ නියෝග මත එතුමා මෙම පරීක්ෂණාගාරයට ජනතාව ගෙන එන ජලය පරීක්ෂා කිරීමෙන් බැහැරවීමට උපදෙස් දී ඇති බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය එම පුද්ගලයාට පවසා තිබේ.









