“ඇගේ කඳුළු බර වැඩියි” නමින් අලුත් පියාපත් සංවිධානය විසින් ඊයේ(23) දින සංවිධානය කර තිබූ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳ විද්වත් සංවාදය සඳහා විශාල පිරිසක් එක්ව සිටිය හ.
මිනිසුන් ලෙස අප සියලු දෙනාම මෙම අරගලය සඳහා සහය දිය යුත්තේ කුමක් නිසා ද? යන්න සමාජගත කිරීම සඳහා මෙම විද්වත් සාකච්ඡාව සංවිධානය කර තිබූ අතර එහිදී මුනීර් මුනෆ්ෆර් මවුලවිතුමන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ෆෙරියල් අශ්රොෆ් මහත්මිය, නීතිඥ රාස්මාරා ආබ්දීන් මහතා, නීතිඥ අර්මිසා ටෙගල් මහත්මිය, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනවිය සහ වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ඇතුළු විද්වතුන් අදහස් දක්වනු ලැබිණි.
මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ ලංකාවේ පසුබිම, එහි ආගමික පසුබිම, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ ගැටලු සහ ඒවාට යෝජනා කර ඇති සංශෝධන, මෙම සංශෝධන ක්‍රියාත්මක වීමට ඇති බාධාවන්, ලංකාවේ ක්‍රියාත්මක වෙනත් විශේෂ නීති මෙන්ම බාල වයස් විවාහ වල ජෛව විද්‍යාත්මක සහ මනෝවෛද්‍ය විද්‍යාත්මක පදනම පිළිබඳවද මෙහිදී සංවාදයට බදුන් කෙරිණ. විද්වත් අදහස් දැක්වීම් මෙන්ම ප්‍රේක්ෂකාගාරයේ අදහස් දැක්වීම සහ ගැටලු ඉදිරිපත් කිරීම සඳහාද මෙහිදී අවස්ථාව ලබා දී තිබිණි.



















