හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ප්‍රකාශ කර තිබේ.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව පැනවූ හදිසි නීතිය මාසයක් පාසා තවත් මසකින් දීර්ඝ කරනු ලැබීය. අවසන් වරට පසුගිය මස 21 වැනිදා තවත් මසකින් දීර්ඝ කර තිබූ අතර එම කාල සීමාව මෙම මස 21 වැනිදායින් අවසන් විය.
හදිසි නීති රෙගුලාසි යටතේ ආරක්ෂක අංශ වෙත ලබැදී තිබූ අත්අඩංගුවට ගැනීම ඇතුළු යම් බලතල ප්‍රමාණයක් මේ අනුව තවදුරටත් වලංගු නොවේ.
කෙසේ වෙතත් හදිසි නීතිය ක්‍රියාත්මක නොකල ද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයින පුරා ත්‍රිවිද හමුදාව යෙදවිය හැකිවන පරදි ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි ද වාර්තා වේ.
Views: 0










