ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්නගේ සේවා කාලය දිගු කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවින්ද්‍ර විජේගුණරත්නගේ සේවා කාලය දිගු කෙරේ

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම සේවා දිගුව ලබාදී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා 2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් 05 දෙනෙකු ඇතුළු තරුණයන් 11දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියට වරෙන්තු ලැබ සිටි නේවි සම්පත් නැමැත්තාට රටින් පලායාමට සහ සැඟවී සිටීමට ආධාර අනුබල දීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රධාන සැකරුවා ලෙස නම් කර සිටියි.

එමෙනම් එහි සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම, පහරදීම ඇතුළු චෝදනා ගණනාවක්ද ඔහුට එල්ල වී තිබේ.

Facebook
Twitter
LinkedIn