බරගමුව විශ්වවිද්‍යාලය පරිපාලනය කරනුයේ උම්මත්තක, අත්තනෝමතික උපකුලපතිවරයෙකු ජබවත්, ඔහුට අවශ්‍ය වී ඇත්තේ ‘සිසුන් දහසක් හෝ එළවා දමා සරසවි සිය පාලනයට ගැනීමේ’ එස්. බී. දිසානායක ඇමතිවරයාගේ නරුම ආසාව සංතෘප්ත කිරීමින් කටයුතු කිරීමට බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍යනිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
එම ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ.
“ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ මෑත ඉතිහාසය තුල වැඩිම මර්දනයට ලක්ව ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයයි. පහත සිදුවීම් පෙළ දෙස අවධානය යොමුකරද්දී එය පැහැදිලිවේ.
01. 2011 ජනවාරි 01 දා සිට දින 400ක් මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 05ක් තහනම් කිරීම.
02. 2011 ජනවාරි 31 සිට සිසුවියන් 15ක් ඇතුලු 58කගේ පංති තහනම් කිරීම.
03. 2013 මාර්තු 15දා සිට නැවත වතාවක් මහා ශිෂ්‍ය සංගමය හා පීඨ ශිෂ්‍ය සංගම් 05ක් තහනම් කිරීම.
04. එතැන් සිට මහා ශිෂ්‍ය සංගමයේ සභාපති,ලේකම් ඇතුලු ශිෂ්‍ය සංගම් නායකයන් 05දෙනෙකුගේ පංති තහනම් කිරීම.
05. 2013 මැයි 24දා විශ්වවිද්‍යාලය තුල සිසු විරෝධතාවය පැවති තැනට කඩාවැදී වෙඩි තබා තර්ජනය කිරීම.
06. 2013 ජූනි 01දා සිසුන්ගේ සාමකාමී විරෝධතාවයට හමුදාව හා පොලීසිය ලවා ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම. එහිදී සිසුන් 60ක් පමණ තුවාල ලැබූ අතර 09ක් අත්අඩංගුවට ගැණින.
07. 2013 ජූනි 03 සිට තවත් සිසුන් 47ක ගේ පංති තහනම් කිරීම.
08. 2013 අගෝස්තු 03 සිට තවත් සිසුන් 17ක ගේ පංති තහනම් කිරීම.
09. 2013 අගෝස්තු 06දා රාති‍්‍රයේ පංති තහනමට ලක්ව සිටින කෘෂිකර්ම පීඨයේ සභාපතිවරයාට පහරදීම.
මේ මොහොත වනවිට සබරගමුව විශ්වවිද්‍යාලය පරිපාලනය කරනුයේ උම්මත්තක, අත්තනෝමතික උපකුලපතිවරයෙකි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ‘සිසුන් දහසක් හෝ එළවා දමා සරසවි සිය පාලනයට ගැනීමේ’ එස්. බී. දිසානායක ඇමතිවරයාගේ නරුම ආසාව සංතෘප්ත කිරීමටය. ශිෂ්‍ය සංගම් තහනම් කර, සිසුන් 70කගේ පංති තහනම් කර උපකුලපතිවරයා සිය රාජකාරිය නිවැරදිව කරන බවට පෙන්වාදීමට මෑතකදී ඇමතිවරයාව විශ්වවිද්‍යාලයට වඩම්මවා උත්සවයක්ද පැවැත්වීය.
අද වන විට පොලීසිය, හමුදාව, මුහුණ වසාගත් මැර කල්ලි හා විශ්වවිද්‍යාල පරිපාලනය හරි හරියට යොදාගනිමින් එස්.බී. දිසානායක ඇමතිවරයා කි‍්‍රයාත්මක කරන්නේ ආණ්ඩුවේ ශිෂ්‍ය මර්දන වැඩපිළිවෙළයි. අතීතයේ දී ජේ. ආර්.ජයවර්ධන ආණ්ඩුව රට පුරා කි‍්‍රයාත්මක කළ ශිෂ්‍ය මර්දනය වර්තමාන ආණ්ඩුව විසින් සබරගමුව විශ්වවිද්‍යාලය තුල අත්හදා බලමින් සිටින බව පෙනේ. සබරගමුවෙන් පෙන්නුම් කර ඇති මර්දනයේ සලකුණු මෙරට ජනතාවත්, ශිෂ්‍ය ව්‍යාපාරයත් හොඳින්ම නොපමාව වටහා ගත යුතුය.
1978 විශ්වවිද්‍යාල පනතෙන් සිසුන්ට ලබා දී ඇති අවම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වලින් එකක් වන ශිෂ්‍ය සංගම් පිහිටුවීමේ අයිතිය සබරගමුවේ සිසුන්ට වහා ලබා දෙන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිමු. එසේම පංති තහනමට ලක්කර ඇති මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දමයන්ත කුමාර ඇතුලු සිසු සිසුවියන් 70 දෙනාගේ පංති තහනම වහා ඉවත් කරන ලෙසද අපි ආණ්ඩුවට සහ සබරගමුව විශ්වවිද්‍යාල පරිපාලනයට බලකර සිටිමු.
විශ්වවිද්‍යාලවල ප්රජාතන්ත්රවාදී නිදහස අහිමිකළ පසු ඇතිවන තත්ත්වයන්ට ආණ්ඩුව සෘජුව වගකිව යුතු බවත් වැඩි දුරටත් මතක් කර සිටිමු.”









