2002 වසරේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය යුධ හමුදා බුද්ධි අංශයට අයත් නිවෙස්නයක් වටලා එහි සිටි බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ජාතික ආරක්ෂාව අනතුරේ දැමූ බවට චෝදනා කරමින් හිටපු පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව නෙැවැම්බර් 25 වැනිදා නැවත කැඳවන බව කොළඹ මහාධිකරණය නියම කළේය.
සිද්ධියට අදාල නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා ඉදිරියේ අද(22) කැඳවා තිබිණි.
නඩුවේ වැඩිදුර විභාගය සිදුවන ලබන 25 වැනිදා එම නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර සිටින යුධ හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් ද සාක්ෂි සටහන් කරගැනීමක් සිදුකරන බව ද මහාධිකරණය ප්‍රකාශ කර තිබේ.
Views: 0










