ගාල්ල බෝගහගොඩ දොරපේ ප්‍රදේශයේ ජනතාවයටද රතුපස්වල ප්‍රදේශයේ ජනතාවට මුහුණදීමට සිදුවූ ආකාරයේම පාරිසරික ගැටලුවකට මුහුණදීමට සිදුව ඇතැයි වාර්තාවේ.
ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් නිසා එහි ජනතාවට බොහෝ දුක් ගැහැට විඳින්නට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
දොරපේ විද්‍යාලයේ දරුවන් මුකවාඩම් පැලැඳගෙන ක්‍රීඩා කිරීම හා අධ්‍යාපන කටයුතු සිදුකිරීම, මෙම දරුවන්ට ක්ලාන්තය, හිසරදය, ඔක්කාරය, වමනය හැදීම, පානීය ජලයේ ඇති වී ඇති ප්‍රශ්නය, ප්‍රදේශයේ පිළිකා රෝගීන් බහුල වීම, පරිසරයේ ගහකොළ හා සතුන් වඳවීමේ තර්ජනයක් ඇති වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු හා පාසල් දූ දරුවන්ගේ මවුපියෝ එක්ව පසුගියදා පැවැති රැස්වීමක්ද පවත්වා තිබේ.
එහි ජනතාව ඊයේ (06) ප්‍රදේශය පුරාම විරෝධතා පෝස්ටර් අලවා තිබු බවද වාර්තාවේ.
විද්‍යාලය හා අවට ගම්මාන රැසක ඇති වී ඇති පාරිසරික සෞඛ්‍ය ප්‍රශ්න සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකිරීමට මැදිහත් වන්නැයි ඔවුන් බලධාරීන්ට අවධාරණය කර සිටිති.









