විශ්‍රාමික ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුව පක්ෂයට බලය හිමි කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මිරාජ් නිශාන්ත ගුණසේකර රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක (රු. 125,000) අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේදී අතටම හසුකර ගැනීමට හැකීවී තිබේ.
මිරාජ් නිශාන්ත ගුණසේකර නැමති මන්ත්‍රීවරයා විමල් වීරවංස මහතාගේ ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ සාමාජිකයෙකි.
රද්දොලුව නිවාස සංකිර්ණයේ පිහිටි ක්‍රීඩා පිටිය තුළ ළමා විනෝද සැනකෙලියක් පැවැත්වීමට ක්‍රීඩාපිටිය වෙන්කර ගැනිම සදහා පැමිණි සැනකෙලි භාරකාරුගෙට එම සැනකෙලිය සඳහා අවසර ලබාදීමට මෙලෙස පගාව ඉල්ලා ඇත.
ඒ පිලිබඳව අදහස් දක්වන කටාන ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩා කමිටුවේ සභාපතිවරයා පවසන්නේ එම කරුණ සත්‍ය බවත් වැඩිදුර සොයා බැලිමේදි මන්ත්‍රී වරයා විසින් රුපියල් 125,000 අල්ලස් මුදලින් රුපියල් 50,000ක මුදලක් ලබා ගැනිමට පැමිණි මොහොතේ එම සිද්ධිය තමන් විසින් ජංගම දුරකථනයක් මගින් පටිගත කරගත් බවත් එම අල්ලස් ගැනීම වලක්වා ගැනිමට තමන්ට හැකිවූ බවත්ය.
මිරාජ් නිශාන්ත ගුණසේකර නම් මෙම මන්ත්‍රීවරයා මීට පෙරද ප්‍රදේශයේ ජනතාවගෙන් මෙවැනි අල්ලස් මුදල් ලබාගෙන ඇති බවත් එමනිසා මෙලෙස සැලසුම්කර ඔහුව හසුකර ගැනීමට ක්‍රියාකල බවත් සැනකෙලියේ සංවිධායකවරු ප්‍රකාශ කරති.
වීඩියෝව පහතින් දැක්වේ…










