ගෝඨාභය වෙනුවට අනුර දිසානායක

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් මෙතෙක් කටයුතු කළ ගෝඨාභය ජයරත්න මහතා ඉන් ඉවත් කර එහි නව ලේකම්වරයා වශයෙන් අනුර දිසානායක මහතා පත්කර ඇත. ඔහු අද (07) පෙරවරු 09ට නව තනතුරේ වැඩ භාරගෙන තිබේ.

දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස නව පත්වීම ලැබීමට පෙර කටයුතු කරමින් සිටි අතර ඔහු අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.

Facebook
Twitter
LinkedIn