ලක්ෂ 20ක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 20ක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු තලෙයිමන්නාරම – පියර් මුහුදු වෙරළේදී ඊයේ(21) අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන තලෙයිමන්නාරම සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn