ළදරු කිරිපිටි අළෙවිය තහනම්

වෙළෙඳ‍පොළේ අලෙවිය සඳහා තබා ඇති ආනයනික සියලුම ළදරු කිරිපිටි වර්ග අලෙවි කිරීම වහාම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ.

නවසීලන්තයෙන්  ආනයනය කරන කිරි නිෂ්පාදනවල “බොටුලිනම්” නැමැති විෂ බැක්ටීරියාව අන්තර්ගත වී තිබෙන බවට ජාත්‍යන්තර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරුවීමත් සමග මෙම තීරණයට එළඹ තිබේ.

මේ අනුව වෙළෙඳ‍පොළේ පවතින අනෙකුත් රටවලින් ආනයනය කරන සියලුම කිරිපිටි වර්ගද පරීක්ෂා කිරීමට අමාත්‍යංශය කටයුතු කරන බවත් වෙළෙඳ‍පොළේ පවතින ළදරු කිරිපිටි සියල්ලම එකතු කරන ලෙස දිවයිනපුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn