ශවෙන්ද්‍ර සිල්වාට යුධ හමුදාපති ධුරය ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්

ශවෙන්ද්‍ර සිල්වාට යුධ හමුදාපති ධුරය ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්

ලුතිනන් ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරය දක්වා උසස් කිරීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලට් මහත්මිය නිකුත්කර ඇති නිවේදනයට සිය පූර්ණ සහය හිමිවන බව යුරෝපා සංගයමය පවසයි.

යුරෝපා සංගගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැච්ලට් මහත්මිය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මානුෂික මෙහෙයුම් අවසාන අධියරේදී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා එල්ලවී සිටින ලුතිනන් ජනරාල් ශවෙන්ද්‍රසිල්වා මහතා, යුධ හමුදාපති ධුරයට උසස් කිරීම අවධානය යොමුකළ යුතු කරුණක් බවය.

එමඟින් මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව බරපතල සෙල බලපෑමකට ලක්වන බවද මහ කොමසාරිස්වරිය සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකාව සාධාරණත්වය හා වගවීම තහවුරු කිරීම සඳහා මෙම වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වූ සහයෝගය සම්බන්ධව ද මේ වනවිට ගැටළු මතුවන බව එම නිවේදනයේ දැක්වේ.

නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ජාතික සංහිඳියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක් කිරීමත් යුද්ධයේ ගොඳුරු බවට පත් වු සහ යුද්ධයෙන් දිවි බේරා ගත් ජනතාවට මෙමඟින් පීඩාකාරී පණිවිඩයක් ‍යොමු කරන බවත් ය.

ය.

ජර්මනි, ඉතාලි, නෙදර්ලන්ත තානාපති කාර්යාල හා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ හා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලවල එකඟතාව මත යු‍රෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn