රියදුරු බලපත්‍ර රහිතව අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීණ්ගේ රාජකාරියට බාධාකළ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් සහ ඇයගේ පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.
ඊයේ(19) සවස වෙන්නප්පුව පොලිස් වසමේ සීනෝර් හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අදාල යතුරුපැදිය නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී යතුරු පැදිය පැදවූ මන්ත්‍රීවරියේ සහෝදරිය සතුව රියදුරු බලපත්‍රය තිබී නැත.
පසුව අදාල මන්ත්‍රීවරිය ඇතුළු පිරිසක් පැමිණ කළහකාරී ලෙස හැසිරී ඇති බවත් යතුරු පැදිය රැගෙන යෑමට උත්සහ දරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සිද්ධියට අදාල යතුරු පැදිය සහ පසුව පිරිස පැමිණි තවත් යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර පිරිස වෑන් රථයකින් පලාගොස් ඇත.
මෙම සිදුවීම සම්බන්ධව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු එකම පවුලේ සැකකාරියන් තිදෙනෙකුට හා සැකකරුවෙකු වරෙන්තු නිකුත් කර ඇත.
සිද්ධිය සම්බන්ධව අද දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 ක් වු තුම්මෝදර ලිපිනයේ පදිංචි ප්‍රාදේශීය සහා මන්ත්‍රීවරියක් වන දුලක්ෂි චමෝදරී ප්‍රනාන්දු හා වයස අවුරුදු 16 ක් වු නිමාෂා නවාන්ජලී ප්‍රනාන්දු යන අයයි. අත්අඩංගුවට පත් සැකකාරියන් හෙට(21) දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වරෙන්තු වී සිටින අනෙක් සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලීසිය විමර්ශන සිදුකරයි.









