ඉවක් බවක් නොමැතිව පොල් ගස් කැපීම සහ පොල් ඉඩම් කැබලි කිරීමට එරෙහිව නීති සකස් වියයුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ ගොවි නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ගස් හෙලීමේ පනතට පොල් ගස කැපීම සම්බන්ධ නීති ඇතුළත් කිරීම, පාම් තෙල් ගෙන්වීම හා පොල් තෙල් සමඟ කවලම් කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සහ එමඟින් පොල් මිල පහත වැටීම වැලැක්වීමට අදාල ක්‍රියාමාර්ග ගැනීම, පොල් වගාකරුවන් මුහුණ දෙන තාක්ෂණික සහ අධ්‍යාපනික දැනුම ලබාදීම සහ ඔවුන්ගේ ගැටළු විසඳීම සම්බන්ධවත් මෙහිදී අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව නාමල් කරුණාරත්න මහතා පවසයි.
පොල් ගස ආරක්ෂා කරගත යුතු අවස්ථාවක පැවතිය ද අදාල බලධාරීන් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නාමල් කරුණාරත්න මහතා පවසයි. පොල් ඉඩම් කැබලි කිරීමට විශාල වශයෙන් දේශපාලන බලපෑම් පවතින බවත් ඇතැම් නිලධාරීන් ද අත යටින් මුදල් ලබාගෙන මේ සඳහා අනුමැතිය ලබාදෙන්නේ දැයි සැකයක් පවතින බවත් ඒ මහතා පැවසීය.
එසේම සාකච්ඡාවලදී එකඟ වූ පරිදි පොල් ගොවියා දිරිමත් කිරීමටත් අදාල ගැටළු සඳහා කඩිනම් පියවර ගැනීමත් බලාපොරොත්තු වන බව ද නාමල් කරුණාරත්න මහතා මෙහිදී පැවසීය.
නාමල් කරුණාරත්න මහතා











