ඊයේ(15) දින මට්ටක්කුලිය මාදම්පෙ සුසාන භූමිය ආසන්නයේදී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා සිදුකළ ඝාතනය සම්බන්ධව තවත් සැකකරුවන් 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාගේ බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මෙම ඝාතනයට සෘජුව සම්බන්ධවූවන් බවත් වෙනත් ප්රදේශයකට පලායමින් සිටිය දී මෙලෙස අතඅඩංගුවට ගැනීමට හැකිවූ බවත් පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයකදීය. ඝාතනයට යොදාගත් මන්නා පිහි ඇතුළු තියුණු උපකරණ කැලණිය කළුපාලමෙන් කැලණි ගඟට විසි කළ බව ද සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.
ඊයේ(15) දින මට්ටක්කුලිය මාදම්පෙ සුසාන භූමිය අසලදී ත්රීරෝද රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් පහරදී ආනමාළු රංගෙ නොහොත් සම්පත් නිරෝෂන් සහ මොහොමඩ් ඉම්රාන් නැමැත්තන් ඝාතනය කර තිබිණි.
මොවුන්ට අමතරව තවත් පුද්ගලයන් තිදෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.









