ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ දෙවැන්නා ලෙස සැළකෙන නවුෆර් මව්ලවි නැමැත්තාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නැමති 16 හැවිරිදි සැකකරු සහරාන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පැවැත්වූ අවි පුහුණුවට ද සහභාගී වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අම්පාර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල එකුණුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.
Views: 0









