ලබන 23 වැනිදා සිට මෙම වර්ශයට නියමිත ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ග්‍රාම නිලධාරි කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මෙම නාමලේඛන ප්‍රධර්ශනය කරන අතර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බව ද මැතිවරණ කොමිසම පවසයි.
නාමලේඛනය ප්‍රධර්ශනය කිරීමෙන් පසු ඒ සම්බන්ධව විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් යම් පුද්ගලයෙකුගේ නමක් නාමලේඛනයට ඇතුළත් කරන ඇතිනම් හෝ ඉවත්කර ඇතිනම් ඒ සම්බන්ධව දැනුම් දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
Views: 0









