පල්ලෙවෙල පොලීසියේ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි දකුණු කළුතර පොලීසියට අනුබද්ධ පොලිස් අධිකාරී කාර්යාලයට මාරුකර යවා තිබේ.
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයකින් ලබාගත් මත්පැන් පානය කිරීමෙන් පසු පුද්ගලයින් පිරිසක් මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව සිදුකෙරෙන විමර්ශන සඳහා බාධා ඇති නොවීමට, ස්ථානාධිපතිවරයා මාරුකර යවා ඇතැයි පොලීසිය පවසයි.
අදාල ස්ථානාධිපතිවරයා සිට රාජකාරිමය වගකීම පැහැරහැරීමකට ලක්කර ඇත්දැයි මෙම විමර්ශනවලදී සොයාබැලීමට නියමිත බව ද පොලීසිය සඳහන් කරයි.
Views: 0










