පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධව දඹුල්ල මහ නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ නාගරික මන්ත්රී අනුර බණ්ඩාර, අත්අඩංගුවට ගෙන ඇත.
අද(05) අළුයම සැකකාර නාගරික මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ කඩු පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ ජලාශ පාර ප්රදේශයේ පදිංචිව සිටි නලීන් ජයරත්න පෙරේරා නැමති 35 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මේ වනවිට දඹුල්ල රෝහලේ ප්රතිකාර ලබයි.
සැකකාර පොහොට්ටු පක්ෂ නාගරික මන්ත්රීවරයා අද අලුයම පහර කෑමට ලක්වූ පුද්ගලයාට ආයත් ව්යාපාරික ස්ථානයකට පැමිණ කඩුවකින් පහරදී ඇත. පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇතැයි දඹුල්ල පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධව දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Views: 0









