බාඳුරාගොඩ විශ කසිප්පු පානය කිරීමෙන් මියගිය පිරිස 10 දක්වා ඉහළට

බාඳුරාගොඩ විශ කසිප්පු පානය කිරීමෙන් මියගිය පිරිස 10 දක්වා ඉහළට

මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් හලකින් මත්පැන් පානය කර ඇති තවත් පුද්ගලයෙකු අද(04) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේම පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකි.

මේ වනවිට විශ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 14 දෙනෙකු ගම්පහ, මීරිගම, දිවුලපිටිය හා වතුපිටිය යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු අද සිදුකර ඇති අතර ඔහුගේ දේහය ද රැගෙන ප්‍රදේශවාසීන් විරෝධතාවයක ද නිරතව ඇත. ඒ පොලීසිය මැදිහත්වී මත්පැන් හලේ හිමිකරුට නීතිය ක්‍රියාත්මක විය යුතු බවට බල කරමිනි.

Facebook
Twitter
LinkedIn