මහපොල භාරකාර අරමුදලේ සිදුව ඇතැයි පැවසෙන දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු සඳහා හිටපු අමාත්‍ය සරත් අමුණුගම සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් අද(02) ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත කැඳවා තිබේ.
මහපොල භාරකාර අරමුදලේ සිදුව අති මූල්‍ය වංචාවක් සම්බන්ධ පැමිණිල්ලක් සම්බන්ධව සාක්ෂි ලබාගැනීම සඳහා, 2015 – 2018 කාල සීමාව තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත මෙම කැඳවීම සිදුකර තිබේ.
කෙසේ වෙවත් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බව සඳහන් කරමින් ගැමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා කොමිසම වෙත දැනුම්දීමක් කර ඇති බවත් ඔහු වෙනත් දිනයක කැඳවන බවත් එම කොමිසඳ සඳහන් කරයි.
හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා කොමිසම වෙත වාර්තා කර ඇති අතර ඔහුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇත.
Views: 0










