බ්‍රිතාන්‍ය කසල තොගය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

බ්‍රිතාන්‍ය කසල තොගය ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

කොළඹ වරාය පර්යන්තයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ රඳවා තිබෙන, එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇති කසල කන්ටේනර් එම ස්ථානයන්හි පරිසරයට හානි නොවන ලෙස පවතින ආකරයෙන්ම තබා ගන්නා ලෙසට අභියාචනාධිකරණය අද (21) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කසල මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද, ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැදවූ අවස්ථා වේදීය.

මේ අතර මෙම පෙත්සම සැප්තැම්බර් 22 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කර ඇත.

Facebook
Twitter
LinkedIn