පොලිස්පතිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි

පොලිස්පතිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවයි

තමා අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබේ.

ජනාධිතිවරයා විසින් තමා අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීන්දුව හේතුවෙන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් එබැවින් පෙත්සම් විභාගය අවසන් වන තෙක් තමා අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පූජිත ජයසුන්දර මහතා මෙම පෙත්සම ගොනුකර තිබේ.

පෙත්සම පසුගිය ජූනි මස 24 වැනිදා සළකා බැලූ අවස්ථාවේ අද දිනය දක්වා කල් තැබුණි.

Facebook
Twitter
LinkedIn