වැලි ‌ගොඩ දැමූ බන්ධනාගාර නියාමකවරුන් සහ රැඳවියන් පිරිසක් අත්අඩංගුවට

මොණරාගල හුලංදාව ඔය ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු සහ රැඳවියන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බන්ධනාගාරය පිටුපස සැකකරුවන් පිරිස වැලි ගොඩ දැමීමේ නිරතව සිට ඇති අතර බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.

නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව වැලි ගොඩ දැමීම සහ ඊට අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් මොණරාගල පොලීසිය වෙත භාරදී ඇත.

Facebook
Twitter
LinkedIn