ඇමැතිධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙකු අද (26) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් කලින් දැරූ කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව කෙරෙන පරීක්ෂණවලට සහය පළ කිරීමක් ලෙස පවසමින් ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරු 09 දෙනෙක් ඉකුත් ජූනි මස 03 වැනිදා සිය ධූරවලින් ඉල්ලා අස්වූ අතර ඉන් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරු දෙදෙනා ඉකුත් මස 09 වැනිදා යළි සිය ඇමති ධුරවල දිවුරුම් දෙන ලදී.
ඒ අනුව ඉතිරි මන්ත්‍රීවරු වන රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන් යන මන්ත්‍රීවරු දෙදෙනා කැබිනට් ඇමැතිවරුන් ලෙසද ෆයිසාල් කාසීම්, එච්.එම්.එම් ෆාරිස්, අමීර් අලි සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරු සිව්දෙනා රාජ්‍ය ඇමැතිවරු ලෙසද අබ්දුල් මහරුෆ් මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙසද දිවුරුම් දීමට නියමිතය.










