පැරිස් උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළට

පැරිස් උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළට

ප්‍රංශයේ පැරිස් නුවර මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ(25) දින වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාරතා කර තිබිණි.

සෙල්සියස් අංශක 42.6ක උෂ්ණත්වයක් ඊයේ දින වාර්තා ගතව තිබූ අතර නගරවාසීන් උණුසුමෙන් ආරක්ෂාවීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටි බව ද සඳහන් වේ.

යුරෝපය පුරා පැතිරයන උණුසුම් වායු ධාරා හේතුවෙන් සමස්ත කලාපය තුළ උෂ්ණත්වයේ වැඩිවීමක් වාර්තා වන අතර ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්තය ද මෙම තත්වයට මුහුණ දී ඇත.

දැඩි උණුසුම හේතුවෙන් දුම්රිය මාර්ගවල ධාවන තත්වය ද අඩාල වී ඇති අතර හානි අවම කිරීමේ අරමුණින් දුම්රිය සෙමින් ධාවනය කිරීමට ද තීරණය වී ඇත.

මීට පෙර පැරිසියේ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා ගතව ඇත්තේ 1947 වසරේ සටහන් වූ සෙල්සියස් අංශක 40.4ක උෂ්ණත්වයකි.

2003 වසරේ උණුසුමට ගොදුරුවීමෙන් යුරෝපා කලාපයේ මරණ 15,000ක් පමණ වාර්තා වී ඇති අතර උෂ්ණත්වය හේතුවෙන් සිදුවන අනතුරු වලක්වා ගැනීමට ප්‍රංශ බලධාරීන් පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn