විධායක ජනාධිපතිවරයෙකු වෙනුවෙන් මැතිවරණයක් සඳහා මුදල් නාස්ති කිරීම ඵලක් නැති බවත් සිදු කළ යුතුව ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (24) රාත්‍රියේ කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අද (25) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිණි.
එහිදී මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පවසන්නේ කිනම් ආකාරයෙන් පත් වුවද ඉදිරියේ පත්වන විධායක ජනාධිපතිවරයා අතර සහ අගමැති අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් විධායක ජනාධිපතිවරයෙක් පත් කිරීමට මුදල් වියදම් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් ය.
අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවලිය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.










