මේ දිනවල අම්පාර දිස්ත්රික්කයේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් එහි ජනතාවට බීමට පවා ජලය නොමැති තත්වයක් වර්ධනය වී තිබේ. අඩුම තරමේ මෙම ජනතාව මුහුණදෙන තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුකර තමන්ට දිනපතා ජලය ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කරන ලෙස එම ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
මහඔය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අරන්තලාව, පුලාවල, ටැමිපිටිය, පොල්ලේබැද්ද, වරාපිටිය, පියාසර ගම යන ගම්මනාවල පවුල් 2,000කට අයත් 8,000ක් පමණ ජනතාව දැඩි පිඩාවකට ලක්වී ඇති අතර දැනට ප්රාදේශීය සභාවත් ප්රාදේශීය ලේකම් කාර්යාලයත් මැදිහත්ව දින තුනකට වරක් පමණ ජලය බවුසර් මඟින් ලබාදෙන නමුත් එය ප්රමාණවත් නොවන බවද එම ජනතාව පවසති.
දැඩි නියං තත්ත්වය හේතුවෙන් ළිං සියල්ල සිඳී ගොස් ඇති අතර ප්රදේශයේ ඇති වැව්වල ජල මට්ටමද පහත බැස තිබේ.
Views: 0










