පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද(25) පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත බව කාරක සභා සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා අද දිනයේ සාක්ෂි විමසීම සඳහා කාරක සභාව හමුවට කැඳවා ඇත.
එසේම හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද අද කැඳවා තිබේ.
ඊයේ දිනයේ ද තේරීම් කාරක සභාව රැස්වූ අතර එහිදී රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් පැය 4ක පමණ කාලයක් සාක්ෂි ලබාගෙන තිබේ. එම සාක්ෂි විමසීම මාධ්‍යට විවෘත නොවූ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එහි අධ්‍යක්ෂ ජ්‍යේෂ්‍ය පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ද ඊයේ දින සාක්ෂි ලබාදී තිබේ.










