පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන මොහොමඩ් සහරාන් නැමැත්තා සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමුව තොරතුරු වාර්තා වූයේ 2019 වසරේ ජනවාරි 26 වැනිදා බවත් ඒ සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද(24) සාක්ෂි දෙමින් සඳහන් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද කැඳවා තිබූ අතර එහිදී ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කර ඇත.
මාවනැල්ලේ බුදුපිළිම කඩා දැමීම සම්බන්ධයෙන් 2018 දෙසැම්බර් මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන භාර ගත් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුත්තලම වනාතවිල්ලුවේ පොල්වත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත් බවත්, වැඩිදුර විමර්ශනවලදී ජනවාරි 26 වැනි දා සහරාන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත් රවී සෙනවිරත්න මහතා පවසා තිබේ.
එදිනම සැකකරු සම්බන්ධව පොලිස්පතිවරයා දැනුවත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු සම්බන්ධව විමර්ශන සිදුකළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.










