හිටපු විනිසුරු තිළිණ ගමගේ ඇතුළු සිව් දෙනෙකුට සිතාසි

හිටපු විනිසුරු තිළිණ ගමගේ ඇතුළු සිව් දෙනෙකුට සිතාසි

බලපත‍්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අධිචෝදනා පත‍්‍ර බාරදීම සඳහා ලබන අගොස්තු 30 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (23) සිතාසි නිකුත් කර තිබේ.

ඒ නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඊයේ සළකා බැලු අවස්ථාවේදීය

නීති විරෝධී ලෙස වන අලියෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණියක වන එච්. ප්‍රියංකා සංජීවනී, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ පැස්කුවල් ෆොන්සේකලාගේ උපාලි පද්මසිරි නමැත්තන්ට මෙසේ සිතාසි නිකුත් කර ඇත.

Facebook
Twitter
LinkedIn