කුරුණෑගල මහේස්ත‍්‍රාත් ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

කුරුණෑගල මහේස්ත‍්‍රාත් ගැන අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජූලි මස 27 වැනිදා පිටු 210කින් සමන්විත වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසා පැලෝපීය නාල පරීක්ෂාව නොහොත් H.S.G පරීක්ෂණය නවතා දැමීමට නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට එම දෙපාර්තමේන්තුව කොමිසමෙන් ඉල්ලා ඇත.

කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂවරයා නඩුවේ පාර්ශ්වකරුවකු නොවන බවත් එමෙන්ම ඔහු ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකු නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පැමිණිල්ලේ වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Facebook
Twitter
LinkedIn