නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඕස්ට්‍රේලියානු බලධාරීන් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපත වෙත යවා ඇතැයි වාර්තා වේ.
පසුගිය ඉරිදා දින මෙම අනවසර ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් පිරිස අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පසුගිය මැයි මස සිට මේ දක්වා අවස්ථා තුනකදී ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් නැවත ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.
එසේම කිසිවෙකුට හෝ අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ඇතුළු විය නොහැකි බවත් කිසිවෙකු හෝ ඕස්ට්‍රේලියාවේ රඳවා නොගන්නා බවත් එරට බලධාරීන් වැඩිදුරටත් පවසයි.
Views: 0










