කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාට චෝදනා එල්ල කරන මව්වරුන්ට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල සහ ද සොයිසා කාන්තා රෝහල සූදානම් කර තිබුණද මෙතෙක් කිසිදු මවක් ඒ සඳහා පැමිණ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මෙම පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවන අතර කාසල් වීදියේ කාන්තා රෝහල සහ ද සොයිසා කාන්තා රෝහල සූදානම් කර තිබුණද මෙතෙක් කිසිදු මවක් ඒ සඳහා පැමිණ නොමැති බවයි.
Views: 0










