ත්‍රස්තවාදී ප්‍රහාර මුවාවෙන් විදේශ ආරක්ෂක අංශ රටට ඇතුළුවෙයි

ත්‍රස්තවාදී ප්‍රහාර මුවාවෙන් විදේශ ආරක්ෂක අංශ රටට ඇතුළුවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිමය අවසරයකින් තොරව සහ එවැනි නීතිමය පසුබිමක් නොමැති වටපිටාවක විදෙස් ආරක්ෂක අංශවලට අවස්ථාව ලබාදී ඇති බව වාර්තා වේ.

මේ වනවිට ඇමරිකානු FBIආයතනය සහ ජාත්‍යන්තර පොලිසිය මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කර තිබෙන බව තහවුරු වී තිබේ.

විශේෂයෙන්ම විදේශීය රටවල ආරක්ෂක අංශ සහ ඔත්තු සේවා නිලධාරීන්ට එම අවස්ථා ලබා දී ඇති ඇති අතර ඔවුන් සෘජුවම මැදිහත්වි අදාල ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බවත් ඒ සඳහා ඔවුන්ගේම පරිවර්තකයන් භාවිත කරමින් සිටින බවත් වාර්තා වේ.

විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි සැකකරුවන් සමග කිසිඳු බාහිර පුද්ගලයෙකු සම්බන්ධ කර නොගෙන අදාල ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් වාර්තා වේ.

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ FBI සංවිධානය මෙලෙස ප්‍රශ්න කිරීම් සිදු කරමින් තිබෙන අතර තවත් විදේශිකයන් කිහිපදෙනකු ඉදිරියේදී ඊට එක්වීමට නියමිත බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේද කතාබහක් වර්ධනය වෙමින් තිබෙන අතර එහි ප්‍රවීණයන් පවසන්නේ මෙම තත්වය රටේ අභ්‍යන්තර කටයුතු දරුණු ලෙස අනතුරේ හෙළීමක් බවයි.

Facebook
Twitter
LinkedIn