ෆේස්බුක් ආයතනයට රුපියල් කෝටි 90,000 ක දඩයක්

ෆේස්බුක් ආයතනයට රුපියල් කෝටි 90,000 ක දඩයක්

ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලිකයන් මිලියන 87කගේ තොරතරු දේශපාලන ප්‍රචාරක ආයතනයකට ලබාදීම සම්බන්ධව තොරතුරු අනාවරණය වීමෙන් ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන 5ක දඩ මුදලක් නියම වී තිබේ.

ඇමරිකානු මධ්‍යම වෙළඳ කොමිසම මගින් පසුගිය වසරේ මාර්තු මස ආරම්භ කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය සම්බන්ධ මෙම කරුණ හෙලිව ඇති අතර එහිදී මෙම දඩ මුදල නියම කර තිබේ.

එය ශ්‍රී ලාංකික රුපියල් කෝටි 90,000 කට ආසන්න මුදලකි.

මෙම මුදල් දඩය නියම කිරීමට සමාන දේශපාලන නියෝජනයක් සහිත මධ්‍යම වෙළඳ කොමිසම ද තුනට දෙකක් ලෙස කැමැත්ත පළකර තිබීම ද විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn