ජනතා මුදලින් රුපියල් හාරලක්ෂ හැටපන්දහසක් (රු. 465,000) වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වත්තල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රී, රංගනශිල්පී ශෂිරංග වික්‍රමසේකර මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරයා නුගගහවත්ත ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ඉදිකිරීම සඳහා යැයි පවසා මෙම මුදල සභාවෙන් අනුමතකරගෙන ඇති අතර එහෙත් ඔහු ඉදිරි කර ඇත්තේ රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය කර ටකරන් මඩුවක් යැයි මේ වනවිට අනාවරණය වී තිබේ.
එමෙන්ම ඔහු සභාවේ නිලධාරීන්ගේ අත්සන් පවා කූඨ ලෙස යොදා ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේදී කරුණු අනාවරණය කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. ආබ්දීන් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි නීතිමය කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කර අදාළ ලිපි ගොනු සකස් කිරීම නීතීඥයින් වෙත ලබාදී ඇති බැවින් නොබෝදිනකදී ඔහුගේ මෙම වංචාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පැමිණිල්ලක් ගොනු කරන බවය.










