මත්කුඩු කිලෝ 60ක් සමඟ අත්අඩංගුවට ගත් පිරිස ඉරාන ජාතිකයන්

මත්කුඩු කිලෝ 60ක් සමඟ අත්අඩංගුවට ගත් පිරිස ඉරාන ජාතිකයන්

හෙරොයින් මත්කුඩු කිලෝ 60ක් සමඟ ඊයේ(12) අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිස ඉරාන ජාතිකයන් බව නාවික හමුදාව පවසයි.

ගාලු වරායට නුදුරු මුහුදේ විදේශීය බෝට්ටුවක සිටි පුද්ගලයන් 9 දෙනෙකු හා කිලෝ 60ක හෙරොයින් මත්කුඩු ඊයේ නාවික හමුදා මෙහෙයුමකදී අත්අඩංගුවට පත්වූ අතර එම බෝට්ටුව ද ඊයේ ගොඩබිමට රැගෙනවිත් තිබේ.

මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාණ්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා පවසා ඇත්තේ පසුගිය 10 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ධීවර පිරිස සහ ඊයේ අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිස අතර මත්ද්‍රව්‍ය සබඳතාවක් පැවති බවට මේ වනවිට සාක්ෂි පවතින බවය.

මේ වනවිට සැකකරුන් අත්අඩංගුවේ පසුවන අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

Facebook
Twitter
LinkedIn