රනිල්ගෙන් TNA පක්ෂයට අල්ලසක්

රනිල්ගෙන් TNA පක්ෂයට අල්ලසක්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනවිත් තිබෙන විශ්වාසභංගයේ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබේ.

ඒ අතර තුර මෙම විශ්වාසභංගයේ ඡන්ද විමසීමේදී ආණ්ඩුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයට අල්ලස් ලෙස කල්මුණේ ප්‍රදේශයට ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබා දෙන බවට ලිඛිතව පොරොන්දුවක් ලබා දී ඇති බව වාර්තා වේ.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ලිඛිත පොරොන්දුව පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායකයින් විසින් එම මන්ත්‍රී කණ්ඩායමට දැනුම්දීමෙන් පසු එම මන්ත්‍රීවරුන්ගෙන් ඊට දැඩිව විරෝධය එල්ල වී තිබේ.

එම මන්ත්‍රීවරු පවසන්නේ මීට පෙරද ආණ්ඩුවට තීරණාත්මක අවස්ථා දෙකකදීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙලෙසම ලිඛිත පොරොන්දු ලබාදුන් නමුත් එම පොරොන්දු, කොළයකට පමණක් සීමා වී ඇති බැවින් මෙම පොරොන්දුවද මේ අවස්ථාව පියමන් කරගැනීම සඳහා ලබාදෙන බොරු පොරොන්දුවක් බවයි.

ඒ හේතුවෙන් මෙම පොරොන්දුවලට යට නොවී ආණ්ඩුවට විරුද්ධව මේ අවස්ථාවේදී ඡන්දය ලබාදිය යුතු යැයි එම මන්ත්‍රීවරු අතරින් පිරිසක් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn