වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරය රුවන් විජයවර්ධනයට

වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරය රුවන් විජයවර්ධනයට

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත්කර තිබේ.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය පුත්‍රයාගේ උපාධි ප්‍රධානෝත්සවයක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය බලා පිටත්වීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට රුවන් විජයවර්ධන මහතා පත්කර තිබේ.

කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවක් අවසානයේ මාධ්‍ය වේදීන් විමසූ පැනයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව පවසා ඇති අතර ජනාධිපතිවරයා තමා දුරකථනයෙන් අමතා ඉදිරි ආරක්ෂක කටයුතු සම්බන්ධව උපදෙස් ලබාදුන් බව ද පවසා තිබේ.

Facebook
Twitter
LinkedIn