සොරාගත් බවට සැළකෙන ලක්ෂ 43කට වැඩි රන් භාණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

සොරකම් කරන ලද බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ හතලිස්  තුනකට අධික වටිනාකමකින් යුතු රන් භාණ්ඩ හා මුදල් තොගයක් සමඟ සපුගස්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය, පට්ටිවල, ගෝනවල ප්‍රදේශයේ මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධව පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි මාන්පුරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සහ භාණ්ඩ තොගය කැළණිය පොලිස් ස්ථානය වෙත භරදී ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.

Facebook
Twitter
LinkedIn