ඉදිරි මැතිවරණවලදී එක්ව තරඟ කරන්නේ නම් ගොඩනගන පක්ෂයේ නාමය සඳහා එකඟතාවයත් ඇති වු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව “ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ” නමින් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇති වූ බව ඒ මහතා ප්‍රකාශ කර ඇත.
මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (04) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමින්.
මෙම පක්ෂයේ ලකුණ සහ තනතුරු ගැන ඉදිරියටත් සාකච්ඡා කරන බව ද අමරවීර මහතා සඳහන් කරයි.
එහි ජනාධිපතිවරණය අපේක්ෂකයා ගැන සඳහන් කළ මහින්ද අමරවීර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කරගෙන යන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් වෙන වෙනම අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සිදුවන බවත්ය.
එසේ වුවහොත් එම අපේක්ෂකයින් දෙදෙනාටම ජය ගැනීමට නොහැකිවනු ඇතැයිද ඒ මහතා අවධාරණය කළේ ය.










