පාර්ලිමේන්තු සැළැස්ම ළඟ තිබියදී අත්අඩංගුවට ගත් තරුණයාට ඇප

පාර්ලිමේන්තු සැළැස්ම ළඟ තිබියදී අත්අඩංගුවට ගත් තරුණයාට ඇප

පාර්ලිමේන්තුවට ඇතුළුවීමේ අවසර පත්‍ර, පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැළැස්මක්, සිම්කාඩ්පත්, ජීව උණ්ඩ සහ තවත් සැකකටයුතු දෑ සමඟ අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව සිටි බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ තරුණයා ඇප මත මුදාහැරීමට බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද(04) නියෝග කර තිබේ.

සිද්ධියට අදාල නඩුව අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවා තිබූ අතර බන්ධනාගාර ගතව සිටි නිසාරින් නිස්ලාන් නැමති 27 හැවිරිදි සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

සැකකරු පසුගිය අප්‍රේල් 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර මීට ඉහත නඩුවාර කිහිපයකදී නැවත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.

Facebook
Twitter
LinkedIn